පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකින් පසුව ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පවත්වා නොමැති බවද එම අධිකාරිය පවසයි.

කාලීන පුවත්