රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් වූ හල්ක් හෝගන් ජීවිතක්ෂයට

මල්ලවපොර පිටියේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් මියගොස් තිබේ.

හල්ක් හෝගන් මිය යනවිට 71 වන වියේ පසු විය.හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.එක්සත් ජනපදයේ ජෝජියාහිදී උපත ලැබූ හල්ක් හෝගන්ගේ සැබෑ නම වන්නේ ටෙරී බොලියා යි.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක් හෝගන්, 80 සහ 90 දශකවල මල්ලවපොර පිටියේ විශාලතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයා විය.

ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙන් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඔහුට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියට ද හල්ක් හෝගන්ගේ නම ඇතුළත් කෙරුණි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝගන්ගේ පවුලට සිය ශෝකය පළ කරමින් පවසා ඇත්තේ, ඔහු ශක්තිමත්, දැඩි, බුද්ධිමත් මෙන්ම විශාලතම හදවතක් ඇති අයෙක් බවයි.

කාලීන පුවත්