සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමාකර ඇති බැවින්, විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරි ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසුවී ඇතැයිද එහි දැක්වේ.
පසුගිය ආර්ථික අර්බුද පැවැති කාලයේදී රජයේ සේවකයන්ට වසර පහක නිවාඩු ලබා විදෙස් රැකියාවල නිරතවීමට අවස්ථාව ලබාදුන් අතර, මෙම චක්‍රලේඛය අනුව මෙලෙස නිවාඩු ලබාදීම අවලංගු කර තිබේ.