රනිල්ට තව සතියක වත් විවේකයක් ඕනෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පැවති විජලන තත්ත්වය පහව යමින් පැවතිය ද ඔහු ගේ හෘද වස්තුවෙහි ධමනිවල අවහිරතා පෙන්නුම් කරන බැවින් ඔහුට තව දුරටත් විවේකය අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කරන වෛද්‍ය වරුන් ගේ මතය අනුව තව සතියක කාලයක් වත් ඔහු කාර්යබහුල නොකළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයාට මේ වන විට ඇප ලැබී තිබීම හේතුවෙන් අවශ්‍ය නම් තම අභිමතය අනුව ඔහුට කැමති වෙනත් රෝහලකින් වුව තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ද ඇති බව වෛද්‍යවරයා සඳහන් කරයි.

කාලීන පුවත්