විදුලිබල ප්‍රතිසංස්කරණ ගැන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්!

විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්! විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් අකාරයෙන් සිදු වන බවක් පෙනී යන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. ඒ නිවේදනයක් නිකුත් කරමිනි.එම නිවේදනයේ දැක්වෙන්නේ, රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස ඔවුන්ව විසින් හඳුන්වාගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මිස තනි පුද්ගලයෙකුගේ හෝ අනලොස්සක් වූ කිහිප දෙනෙකුගේ පෞද්ගලික ඉලක්ක සපුරාලීමට නොවන බවයි. එම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය සහ ක්‍රියාවලිය නැවත සලකා බලන ලෙසයි

කාලීන පුවත්