දිනක වැටුප රුපියල් 2,000 දක්වා වැඩි කරන්න වතු කම්කරු උද්ඝෝෂණයක් පසුගිය මැතිවරණ සමයේදී තම වැටුප් වැඩි කරන බවට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් පොරොන්දු වූ වී මෑතකදී ඉදිරිපත් කළ අයවැය මගින් දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන බව පැවසුවද, මේ වන තුරුත් එය ක්‍රියාත්මක වී නොමැති බව පවසමින් දිනපතා ඉහළ නඟින ජීවන වියදමට සාපේක්ෂව තම දෛනික වැටුප රුපියල් 2,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් පසුගියදා උද්ඝෝෂණයක නිරත වූහ.උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ, දැනට ලැබෙන වැටුප ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.අද වන විට භාණ්ඩ හා සේවා මිල අහස උසට නැඟ ඇති බැවින් තම පවුල් නඩත්තු කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව ඔවුහු පවසති.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම දිගු කලක සිට පවතින ගැටලුවක් වන අතර, මෙම උද්ඝෝෂණයත් සමඟ එය යළිත් කරලියට පැමිණ තිබේ. වතු කම්කරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉල්ලීම් කෙරෙහි වහාම අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි