විදුලියේ අකුරට වැඩ වැඩ වැරුමකට ?

විදුලි බල මණ්ඩල සේවකයන් මේ වන විට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර ලෙස වැඩ වර්ජනයක් කැඳවීමේ අවසන් තීන්දුව අද (24) දිනය තුළ ගන්නා බව විදුලි වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.මේ සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා සිඅයලු විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත බව ඔවුහු පැවසූහ.ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමග එම පනතට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කරගෙන පසුගිය 04 වැනි දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස ප්‍රසම්පාදන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය දියත් කිරීමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පාලන අධිකාරියේ පියවර ගෙන තිබේ.මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදුලිබල සැපයීම සම්බන්ධ සියලූ‍ සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය නොතකමින් විදුලි සේවකයෝ අඛණ්ඩව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නියැළී සිටිති.ඔවුන් පවසනුයේ තම ඉල්ලීම් සම්බන්ධව මෙතෙක් පාලක පක්ෂයෙන් කිසිදු සාධාරණ විසඳුමක් ලැබී නැති බවකි

කාලීන පුවත්