ලබන මාසයේ සිට පෞද්ගලික බස් මගීන්ටත් දඩ

ලබන ඔක්තෝබර් මස පළමු වනදා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම සේම ටිකට් පත් ලබාගැනීම ද අනිවාර්ය කර තිබේ.ඒ අනුව බස් රථවල ටිකට් නිකුත් නොකරන කොන්දොස්තර වරුන්ට මෙන්ම ටිකට් නොමැතිව ගමන් ගන්නා මගීන්ට ද දඩ ගැසීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය තීරණය කර ඇත.බස් රථවල ගමන් කිරීමේ දී ඒ සඳහා ටිකට් පතක් ලබා ගැනීම මගීන්ගේද වගකීමක් වන බව අවධාරණය කරන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එය පැහැර හරිමින් ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව නීති ක්‍රියාත්මක කර ඔවුන්ගෙන් දඩ මුදලක් අය කර ගැනීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කරයි.එමෙන්ම මෙම වසර අවසන් වීමට පෙර මගී බස් රථවලට ජී.පී.එස් යන්ත්‍ර සවිකිරීම මෙන්ම කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම හඳුන්වාදීමට එම අධිකාරය තීරණය කොට තිබේ

කාලීන පුවත්