හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර සමු ගනියි හිටපු කීර්තිමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 64 වන වියේ පසු විය. විසි දෙහැවිරිදිව සිටිය දී 1986 වසරේදී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව සිය මංගල ටෙස්ට් වරම් දිනාගත් ඒ මහතා වසර අටකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින සංචිත නියෝජනය කරමින් ක්‍රීඩා කොට තිබේ.
දක්ෂ පන්දු යවන්නෙකු ලෙසින් කැපී පෙනුණු වර්ණවීර මහතා, සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් 1994 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට තිබිණ.වර්ණවීර මහතා ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් සහ එක්දින කඩුලු 6ක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් විය.. ක්‍රීඩාවෙන් අනතුරුවද ක්‍රිකට් ක්ෂේත්රයට සිය දායකත්වය ලබාදුන් ඒ මහතා දීර්ඝ කාලයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිටිය සැකසීමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබුණි.