බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටනයට සාම පා ගමනකට එක් වීම නිසා ලෝක ප්‍රකට වූ ආලෝකා සුනඛයා ඉකුත් 12 වන දා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ චාල්ස්ටන් පශු වෛද්‍ය යොමු කිරීමේ මධ්‍යස්ථානයේ (CVRC) දී සිදු කරන ලද සාර්ථක සැත්කමකින් පසු සුවය ලබමින් හිඳින බව වාර්තා වේ.එම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ෆේස්බුක් සටහනකට අනුව එම සැත්කම ඔහුගේ කකුලක ඇති වූ තුවාලයක් සඳහා සිදු කරන ලද්දකි.එය සිදු කළ චාල්ස්ටන් පශු වෛද්‍ය යොමු කිරීමේ මධ්‍යස්ථානය ඉතා දියුණු පශු වෛද්‍ය ආයතනයකි.
“චාල්ස්ටන් පශු වෛද්‍ය යොමු කිරීමේ මධ්‍යස්ථානයේ (CVRC) ඇදහිය නොහැකි වෛද්‍ය කණ්ඩායමට ඔවුන්ගේ අසාමාන්‍ය දයානුකම්පාව සහ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් අපි අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු,” යනුවෙන් සඳහන් එම සටහනේ ආලෝකාගේ සැත්කම පැයකින් අවසන් වූ බවත්, ඔහු සුවය ලබමින් සමීප වෛද්‍ය අවධානය යටතේ සුවය ලබමින් හා විවේක ගනිමින් සිටින බවත් සඳහන් වේ.