කිරි තේ මිල පහළට

කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කළේ අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අද (16) සිට මෙම අඩු කිරීම ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

කාලීන පුවත්