
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. එය එසේ සිදුවූයේ කවුරු බලපෑම් කළත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයාත් අගමැතිවරියත් සපථ කර පැය හතළිස් අටක් ඇතුළත වීම තවත් විශේෂයකි. මේ අන්දමින් ආණ්ඩුවක් මෙතරම් කෙටි කාලයක් තුළ අංශක 180ක් ආපසු හැරුණේ ඉතිහාසයේ ප්‍රථම වරට විය යුතු ය. මීට පෙර ආණ්ඩුවක් මේ අන්දමින් ආපසු හැරුණේ ගුවනින් ඉන්දියානු පරිප්පු සංග්‍රහය මෙරටට කළ අවස්ථාවේදී ය. ඒ ආණ්ඩුව ආපසු හැරවීම සිදුවූයේ දින සියයක් තුළ සිදු වූ සිද්ධීන් ගණනාවක ප්‍රතිඵල ලෙස බවට එවක නියෝජ්‍ය ඇමැතිවරයෙකුව සිටි ටිරෝන් ප්‍රනාන්දු විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද “The Hundred Days of Sri Lanka” නම් වූ ග්‍රන්ථයේ සඳහන්ව තිබුණා මතක ය. කෙසේ වෙතත් වඩමරච්චි මෙහෙයුමෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරීමට හැදූ ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ දින සියය අවසානයේ ඉන්දීය පරිප්පු සංග්‍රහයත් විඳ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරමින් ආපසු හැරුණේය. එසේ වුවත් තීක්ෂණ බුද්ධියකින් යුතු පාලකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන එල්.ටී.ටී.ඊ.ය පිටුපස සිටි ඉන්දියාව එල්.ටී.ටී.ඊ.යේ පරම හතුරා බවට හැරවීමට අඩිතාලම දමාගෙන ගනුදෙනුව පියවීම ආරම්භ කළේත් ඒ සාම ගිවිසුමෙනි.
මෙවර පැය හතළිස් අටක් ඇතුළත ආපසු හැරීමට ආණ්ඩුවට සිදුවූයේ මතුපිටට පෙනුණු විරෝධය මෙන්ම මතුපිටට නොපෙනුණු හේතූන් නිසා බවට සැකයක් නැත. විපක්ෂයේ විරෝධය පිළිබඳව නම් ආණ්ඩුව කිසියම් තක්සේරුවක සිටි බව පැහැදිලිය. සමගි ජන බලවේගය, සර්ව ජන බලය ඇතුළු විපක්ෂයේ පක්ෂ මතුගමදී ආරම්භ කළ, ඉදිරිපත්ව තිබුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතාවට ආණ්ඩුව කිසියම් සමච්චලයක් කරමින්, අගමැතිවරියට අපහාස කිරීමට එරෙහි ස්ත්‍රී විරෝධයක් එම වෙලාවටම මතුගම දී කැඳවමින් ප්‍රතිචාර දැක්වීය. එම ප්‍රතිචාරයෙන් ආණ්ඩුව ප්‍රදර්ශනය කළේ විපක්ෂයේ විරෝධය තුට්ටුවකටවත් ගණනකට නොගන්නා බව ය. ඒ සමගම ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය බලඇණි අගමැතිනියගේ ස්ත්‍රීත්වය අරබයා විපක්ෂය අපහාසාත්මක ප්‍රචාරයන් සිදු කරන බව සඳහන් කරමින් ප්‍රබල ප්රචාරක ව්‍යාපාරයකට පිවිසුණේ විපක්ෂයේ විරෝධයට වෙනත් අර්ථකථනයක් දීමට ය. මේ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ආණ්ඩුව ඉදිරිපත් කළ වැඩසටහනට විපක්ෂයෙන් එන විරෝධය නිශේධනය කිරීමට ආණ්ඩුවට යම් අන්දමක සැලසුමක් පැවති බව නිරීක්ෂණය වේ.

සත්‍ය වශයෙන්ම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මුලින්ම ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබුණේ ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති වලිනි. ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ නායකත්වයෙන් යුතු ලංකා ගුරු සේවා සංගමය හැර සෙසු සියලුම වෘත්තීය සමිති මේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රශ්න කරමින් තිබුණි. ඒ අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට මුල්ම විරෝධය එල්ල වූයේ අධ්‍යාපන ක්ෂේත්රයේම ක්‍රියාත්මක වන ගුරු විදුහල්පතිවරුන්ගෙන් බව පැහැදිලි වේ. නමුත් එම විරෝධය ද තුට්ටුවකටවත් ගණන් ගත් බවක් රජය පෙන්නුවේ නැත.
සත්‍ය වශයෙන්ම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මුලින්ම ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබුණේ ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති වලිනි. ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ නායකත්වයෙන් යුතු ලංකා ගුරු සේවා සංගමය හැර සෙසු සියලුම වෘත්තීය සමිති මේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රශ්න කරමින් තිබුණි. ඒ අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට මුල්ම විරෝධය එල්ල වූයේ අධ්‍යාපන ක්ෂේත්රයේම ක්‍රියාත්මක වන ගුරු විදුහල්පතිවරුන්ගෙන් බව පැහැදිලි වේ. නමුත් එම විරෝධය ද තුට්ටුවකටවත් ගණන් ගත් බවක් රජය පෙන්නුවේ නැත. මේ කිසිම විරෝධයකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක තිබූ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කිරීමක් සිදුවූයේ නැත. ඒ විරෝධතාවලින් මතු කළ ප්‍රධාන කරුණ වුණේ ප්‍රමාණවත් සාකච්ඡාවකින් හා සංවාදයකට භාජනය නොකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හිතුමතේ හා කඩිනමින් සිදු කිරීමට යාම ය.
මේ හදිසියට පැහැදිලි හේතුවක් පෙන්වීමට ආණ්ඩුව මේ වන තෙක් කටයුතු කළේ ද නැත. අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ඒ හදිසියට පිළිගත හැකි හේතු කිසිවක් අධ්‍යාපන ක්ෂේත්රයේ නිරතව සිටි අයට හෝ රටට පැහැදිලි කළේ ද නැත. ඇය ඇතුළු ආණ්ඩුවේ නායකයන් එකහෙලා කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මැතිවරණ පොරොන්දුවක් බවත් එය කවුරුන් විරුද්ධ වුවත් මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බවත් ය. මෙහිදී ද ආණ්ඩුවේ උද්ධච්ච ක්‍රියාකලාපය පැහැදිලිවම පෙනෙන්නට තිබුණු අතර කිසිවෙකුට සවන්දීමට තමන්ගේ කිසිදු සූදානමක් නැති බව රටට අඟවන බවත් පෙනුණි. ඒ සඳහා ආණ්ඩුවට දිරිදෙන සමාජ මාධ්‍ය ප්රචාරක බලකායේ ප්‍රකාශවලින් ආණ්ඩුව සිතන්නට ඇත්තේ මහජන මතය හැඩගැසෙනු ඇත්තේ සමාජ මාධ්‍යයේ තම ප්රචාරක බලඇණියේ අදහස්වලට අනුව යැයි කියා ය.
මේ සියල්ල කණපිට පෙරළන්නට සමත් තොරතුරක් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් හෙළි කළේ මේ අතරතුරදී ය. උන්වහන්සේ හෙළි කළේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියට නියමිත ඉංග්‍රීසි මොඩියුලයට ඇතුළු කර ඇති සමලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීමට අදාළ වෙබ් අඩවියක සම්බන්ධතාවක් ගැන ය. මෙම හෙළිදරව්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ආණ්ඩුව පෙන්වමින් සිටි වැඩපිළිවෙළට එරෙහි සීමිත විරෝධතාව මහජන විරෝධයක් දක්වා ගෙන යාමට සැපයුණු ප්‍රබල උත්තේජකයක් ද විය. මෙම හෙළිදරව්වත් සමග සමාජ මාධ්‍යවල ආණ්ඩුවේ ප්රචාරක බලඇණි පත්වූයේ බලවත් අසීරුවකටය. වහා සිහි එළවා ගත් ඔවුන්ගේ ඉලක්කය වූයේ උලපනේ සුමංගල හිමි ප්රමුඛ මේ රටේ භික්ෂූන් වහන්සේලාය. උලපනේ සුමංගල හිමියන්ට එරෙහිව හා පොදුවේ භික්ෂූන් වහන්සේලාට එරෙහි විරෝධයකින් ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ප්රචාරක බලඇණි ප්‍රතිප්‍රහාරය ඇරඹූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයට උතුරු දකුණු සොයා ගැනීමටවත් අමතක වූවා යැයි කීවොත් නිවැරදි ය.

දින දෙකකට පමණ පසුව උලපනේ හිමියන් කළ හෙළිදරව්ව සත්‍ය බව පිළිගැනීමට සිදු වූ අධ්‍යාපන අමාත්‍යාංශයට සත්‍යයේ වගකීමෙන් ගැලවීමට ආණ්ඩුවේ සුපුරුදු ගැලවුම්කරුවා වන සී.අයි.ඩී. පිහිට පැතීමට සිදුවිය. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව වගකීම දරන අධ්‍යාපන අමාත්‍යාංශය තමන් ඉදිරිපත් කළ මොඩියුල් ග්රන්ථයට අසභ්‍ය වෙබ් අඩවියක සම්බන්ධතාව ඇතුළු වූයේ කෙසේදැයි සොයා ගැනීමට සී.අයි.ඩී.යට යාමට සිදුවීමෙන් රටට පෙනී ගියේ මේ ප්‍රතිසංස්කරණ පිළිබඳව පාලනයක් අධ්‍යාපන අමාත්‍යාංශයට නොවූ බව ය. ඒ සමගම අධ්‍යාපන අමාත්‍යවරිය මීට පෙර සමලිංගික චර්යා විරෝධී රටේ නීතිය ඉවත් කළ යුතු බවටත් ඒ නීතිය වික්ටෝරියානු යුගයේ හඳුන්වා දී ඇති අනවශ්‍ය නීතියක් බවටත් ඇඟවෙන අදහසක් පළ කර තිබූ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ යළි ප්‍රචාරය වන්නට විය. මේ අවස්ථාවේ රටේ මහා සංඝරත්නය මේ ඉදිරිපත්ව ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අදහස් දක්වන්නට වූ අතර, ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ප්රචාරකයින් විසින් සුපුරුදු ලෙස භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනයට මැදිහත් වීම අවශ්‍ය නොවන බව පෙන්වමින් ඔවුන්ගේ සිල්වත්භාවය අභියෝගයට ලක් කරන්නට විය.
මේ රටේ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොදුවේ අන් කවර කරුණකටත් වඩා අවධානයෙන් සිටින කරුණු තුනක් පවතී. ඒ ශ්‍රී ලංකාව නම් රටේ භෞමික අඛණ්ඩතාව, ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියද ඇතුළත් ථේරවාදී බුද්ධ ශාසනය හා රටේ අධ්‍යාපනය යන කරුණු තුනයි. මේ රටේ ජීවත්වන තිස්පන් දහසක් පමණ වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් 90%කටත් වඩා මේ කරුණු තුන අරබයා දරන්නේ එකම මතයකි. මේ කරුණු තුනෙන් එකකට හෝ බලවත් තර්ජනයක් එල්ල වන බවට පෙනී ගියහොත් ශ්‍රී ලාංකීය භික්ෂු බලවේගය සක්‍රිය වේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුණු අවස්ථාව රටේ භෞමික අඛණ්ඩතාවයට බලවත් තර්ජනයක් එල්ල වූ අවස්ථාවක් සේ සැලකුණෙන් මහා සංඝරත්නය සක්‍රිය වූහ.
මේ රටේ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොදුවේ අන් කවර කරුණකටත් වඩා අවධානයෙන් සිටින කරුණු තුනක් පවතී. ඒ ශ්‍රී ලංකාව නම් රටේ භෞමික අඛණ්ඩතාව, ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියද ඇතුළත් ථේරවාදී බුද්ධ ශාසනය හා රටේ අධ්‍යාපනය යන කරුණු තුනයි. මේ රටේ ජීවත්වන තිස්පන් දහසක් පමණ වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් 90%කටත් වඩා මේ කරුණු තුන අරබයා දරන්නේ එකම මතයකි. මේ කරුණු තුනෙන් එකකට හෝ බලවත් තර්ජනයක් එල්ල වන බවට පෙනී ගියහොත් ශ්‍රී ලාංකීය භික්ෂු බලවේගය සක්‍රිය වේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුණු අවස්ථාව රටේ භෞමික අඛණ්ඩතාවයට බලවත් තර්ජනයක් එල්ල වූ අවස්ථාවක් සේ සැලකුණෙන් මහා සංඝරත්නය සක්‍රිය වූහ. රටේ ඒකීයභාවය ඇති කිරීම ප්‍රථම වරට සිදුවූයේ දුටුගැමුණු මහරජු විසින් ආක්රමණික එළාර රජු පැරදවීමෙනි. ඒ සටන ඉතිහාසයේ සඳහන් වන්නේ රජසැප පිණිස නොව බුදුදහම සුරක්ෂිත කිරීමට සිදු කළ එකක් ලෙස ය. එහිදී දුටුගැමුණුගේ හමුදා රුහුණේ සිට අනුරපුරයට පැමිණියේ භික්ෂූන් 500ක් පෙරටු කරගෙන බව වංශකතාවේ සඳහන් ය. ඒ අනුව රටේ ඒකීයභාවය පිළිබඳව බෞද්ධ භික්ෂූන් සතු උරුමය සුරැකීමට අද ද භික්ෂූන් වහන්සේලා අමතක නොකරති. ඒ අනුව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී ඒකීයභාවයට තර්ජනයක් ලෙස සලකා භික්ෂු බලවේගය සක්‍රිය විය. එම සක්රියත්වය දේශපාලනයට හරවා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නාමයෙනි. එහි අවසානයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 722ක් ඝාතනය වීම සිදුවූ බවත් තවත් විශාල පිරිසක් උපැවිදි වූ බවත් මේ පිළිබඳව සඳහන් කරන මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න පවසයි.

බුද්ධ ශාසනයට තර්ජනයක් ලෙස සලකා භික්ෂු බලවේගය අවදි වූ අවස්ථාවකට උදාහරණ ලෙස පෙන්විය හැකි වන්නේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීමයි. ඒ සිද්ධිය හරහා ඇති වුණු සැකයක් මුළු මහත් භික්ෂූන් වහන්සේලාම අවදි කරවූ අවස්ථාවක් විය. එම අවස්ථාව ජාතික හෙළ උරුමය නමින් දේශපාලනයට එක් කර අවසානයේ නිශ්ක්රියත්වයට පත් කෙරිණි. අධ්‍යාපනය පිළිබඳව භික්ෂු බලවේගය අවදි කරවූ ප්රබලතම අවස්ථාවකට උදාහරණ ලෙස පෙන්විය හැකි වන්නේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කෙරුණු අවස්ථාව ය.
මේ රටේ ශිෂ්ටාචාර ගමනේදී අධ්‍යාපනය මුළුමනින්ම භික්ෂූන්ගේ වගකීමක් විය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගතවූ පසු එළඹි පොසොන් පුර පසළොස්වක පොහෝ දින මෙරටට ගොඩබැසි මිහිඳු හිමි ප්රමුඛ ධර්ම දූතයින් විසින් දේවානම්පියතිස්ස රජුට දහම් දෙසා බුදුදහම මෙරටට හඳුන්වා දීම ප්‍රකට පුවතකි. එදිනම මෙරට වාර්තා වන පළමු බුද්ධි පරීක්ෂණයට මිහිඳු හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුන්ව භාජනය කළ බව ද වංශකතාවල සඳහන් වේ. රජුගේ බුද්ධි මට්ටම මැන බැලීම උදෙසා අඹ ගසක් ආශ්රයෙන් හා නෑදෑයන් ආශ්රයෙන් නැගූ ප්‍රශ්න දෙකට ලබාදුන් පිළිතුරු අනුව මිහිඳු හිමියන් විසින් රජුට දහම් දේශනා කළ යුතු අන්දම තීරණය කළ බව ඉන් පැහැදිලි වේ. අනතුරුව මිහිඳු හිමියන්ට පූජා කෙරුණු මහමෙව්නා උයනේ පිහිටවූ මහා විහාරය මෙරට භික්ෂු මූලස්ථානය විය. මහා විහාරය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වූ බවත් පසුව අභයගිරි විහාරය තවත් භික්ෂු මූලස්ථානයක් මෙන්ම අධ්‍යාපන මධ්‍යස්ථානයක්ද වී ඇත.
ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියන් හෙළ බසින් මිහිඳු හිමියන් ලියන ලද අටුවා පාලි බසට නැගීමට මහා විහාරයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේදී, මහා විහාර භික්ෂූන් ඒ සඳහා අවසර දීමට පැවැත්වූ පූර්ව පරීක්ෂණය මෙරට වාර්තා වන පැරණිතම නිබන්ධනය බිහිවීමට මුල් විය. එක් ගාථාවක සඳහන් ධර්මය විවරණය කර පෙන්වන ලෙස බුද්ධඝෝෂ හිමියන්ට මහා විහාරයේ සංඛපාල හිමියන් නියම කළ විට “විසුද්ධි මාර්ගය” නම් වටිනා නිබන්ධනය කර තම දැනුම සනාථ කිරීමට බුද්ධඝෝෂ හිමියන් ක්‍රියා කර ඇත. එදා අධ්‍යාපනයේ වගකීම මුළුමනින්ම බෞද්ධ භික්ෂූන් අත පවත්වා ගෙන යන ලද්දේ ඒ අයුරිනි. ප්‍රධාන පිරිවෙන් මූලස්ථාන අටකින් රටේම අධ්‍යාපන කාර්ය ඉටු කෙරිණි. එහි බුදුදහම පමණක් නොව විවිධ ශිල්ප ශාස්ත්රද ඉගැන්වූ බවට සැකයක් නැත. බුද්ධදාස වැනි රජවරුන් ශල්‍යකර්ම පවා සිදු කළ දක්ෂ වෛද්‍යවරුන් වුණේ මේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයෙනි. වෙහෙර විහාර, වැව් කර්මාන්ත ඉදිකිරීමෙන් ඉංජිනේරු ශිල්පයද මෙරට අධ්‍යාපනයේ තිබුණු බව පැහැදිලි ය. මේ සියලුම අධ්‍යාපනය සිදු වූයේ බෞද්ධ විහාරාරාම ඇසුරිනි. මෙසේ සියවස් විස්සක් පමණ බෞද්ධ භික්ෂූන්ගේ වගකීමක් වූ රටේ අධ්‍යාපනය යටත් විජිත පාලන සමයේ මිෂනාරීන් අතට යද්දී, තරඟකාරී ලෙස බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමට මුල් වූයේ ද බෞද්ධ භික්ෂූන්ම ය. අවසානයේ තමන්ගේ උරුමය වූ අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් කිරීමට නොපැකිළව සහය දුන්නේ ද බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. මේ නිසාම අධ්‍යාපනයට යම් අනතුරක් පිළිබඳව දැනුණොත් ඊට එරෙහිව නැගී සිටීමට බෞද්ධ භික්ෂු බලවේගය දෙවරක් සිතන්නේ නැත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළත මෙරට සම්මත සදාචාරමය පිළිගැනීම් ඉක්මවා යමින් සමලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ඇති බවට සැකයන් පැතිරෙත්ම, මෙරට භික්ෂූන් වහන්සේලා ඊට බලවත් විරෝධය දැක්වීමට පටන් ගත්තේ ඉහත පසුබිම තුළ ය. මේ විරෝධයේ කේන්ද්‍රය අධ්‍යාපන ඇමති වීමට ප්‍රධාන හේතු වූයේ එතුමිය මේ සමලිංගික හැසිරීම් සහිත පිරිස් පිළිබඳව විවෘත සමාජයේ ප්‍රසිද්ධියේ පළ කර තිබුණු අදහස් හා ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාවල අඳින ඇඳුම් පැලඳුම් සම්ප්‍රදායෙන් බැහැර බවක් දක්නට ලැබීම ආදිය බව පෙනේ. ඇයට එරෙහිව විවේචනයන් නැග එද්දී ඊට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍යවල ආණ්ඩු හිතවාදීන් භික්ෂූන් වහන්සේලාව ද නිර්දය විවේචනයට ලක් කළහ. මේ සමගම හිටපු අමාත්‍යවරයෙකු වන, සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින විමල් වීරවංශ ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරඹීමට තීරණය කරන ලදී. මේ අතර ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් වන මිහින්තලේ විහාරාධිපති හිමියන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරබයා ආණ්ඩුවට බලවත් දෝෂාරෝපණයක් මාධ්‍ය ඔස්සේ සිදු කළේ සාමාන්‍ය සමාජයේ භාවිතා වන වචනත් යොදා ගනිමිනි. ඊට පිළිතුරු ලෙස ආණ්ඩුවේ සුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලාල් කාන්ත, මිහින්තලේ කුණුහරුප කියන වනචාරියෙකු ගැනත්, අගමැතිනියත් ඉන්නා ප්‍රසිද්ධ සභාවකදී ආගමික නායකයින් ලෙස ඉන්නා පිරිමි අය ලිංගික ඇරියස් නිසා අගමැතිනියට අපහාස කරන බවටත් ප්‍රකාශ කරන ලදී.

ලාල් කාන්ත අමාත්‍යවරයා මිහින්තලේ නායක හිමියන් ඉලක්ක කර මේ කතාව කියූ බව නොපිළිගන්නා කෙනෙක් නැත. කෙසේ වුවද මේ ප්‍රකාශය මහා සංඝරත්නයට සටනට පිවිසීමේ මුරපදය බවට පත්වන ලකුණු පහළ විය. භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කරමින් ලාල් කාන්ත අමාත්‍යවරයා මහා සංඝරත්නයට අපහාස කළ බවට දෝෂාරෝපණය කරන්නට වූහ. අධ්‍යාපන අමාත්‍යවරිය පදවියෙන් ඉවත් විය යුතු බවට ඉල්ලමින් ආරම්භ කළ සත්‍යග්‍රහයට බෞද්ධ භික්ෂු බලවේගය ඒකාබද්ධ වුණොත් “හරිනි ගෝ ගම” ඉසුරුපාය ඉදිරිපිට හැදෙන්නට හැකි බවත් ආණ්ඩුවට තේරුම් ගියේ එවිට ය. ඒ වන විට සමස්ත භික්ෂු බලය ආණ්ඩුවට එරෙහිව සක්‍රිය වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ව තිබුණි. අවසාන පැය හතළිස් අට තුළ ආණ්ඩුවේ ඇමති ලාල් කාන්ත විසින් නොදැනීම මහා සංඝරත්නය ආණ්ඩුවට එරෙහිව සටනට කැඳවීමේ ප්‍රකාශය කර තිබුණි. ඒ ප්‍රකාශයේ මතුපිට අර්ථය එක් හිමිනමක් වුවද, ගැඹුරු අර්ථයේදී එයින් සමස්ත භික්ෂූන් අරබයා කළ එකක් සේ අර්ථ ගැන්විය හැකිය. මෙරට ශිෂ්ටාචාරයේ පළමු අධ්‍යාපනික බුද්ධි පරීක්ෂණය සිදුවූ මිහින්තලේ වත්මන් භාරකරු වන හිමියන් කුණුහරුප කියන වනචාරියෙකු ලෙසත්, සමස්ත පිරිමි ආගමික නායකයින් ලිංගික ඇරියස් සහිත අය ලෙසත් හැඳින්වීම කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවේ.
මෙරට බෞද්ධ භික්ෂූන් බෞද්ධ සමාජයේ බහුතරයේ වන්දනාවට පාත්‍ර වන්නේ සීලවන්ත භාවය නිසා කරන කාර්යයක් ලෙස නොවේ. බුද්ධ ශ්රාවකයින් වන ආර්ය මහා සංඝරත්නයේ වර්තමාන සංකේතය ලෙස ය. බෞද්ධ භික්ෂුවකගේ සීලය පරීක්ෂා කිරීම ගිහියන්ගේ කාර්යයක් නොවේ. භික්ෂූන්ගේ සීලය පරීක්ෂාව මහා සංඝරත්නය විසින් විනය සීමාවක දී කරන විනය කාර්යයකි. එක එක භික්ෂුව විසින් මහා සංඝරත්නය හමුවේ ඇවැත් දෙසීම මගින් ඇතැම් සුළු වැරදි නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදයක් ද භික්ෂූන් අරබයා පවතී. එය හරියට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් ස්වයං විවේචනය මගින් තම වැරදි හෙළි කර කරන ක්‍රියාව වැන්නකි. ඒ ක්‍රියාව මහජනයා ඉදිරියේ කිරීමට එම පක්ෂය ක්‍රියා නොකරයි.
මේ කිසිවක් නොදන්නා අමනෝඥ ඇම්බැට්ටයින් සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කරමින් කරන ක්‍රියා ආණ්ඩුවේ ඉහළ වගකීම් දරන අයත් අනුගමනය කිරීමේ ප්රතිවිපාකය පිළිබඳව අවසාන මොහොතේ හෝ ජනාධිපතිවරයාට තේරුම් ගිය නිසාදෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කල් දැමීම සිදු කර ජාම බේරා ගැනීමට හැකිවිය. ඉදිරියටවත් රටේ අධ්‍යාපනය පිළිබඳව කඩිමුඩියේ ඒකපාර්ශ්විකව කටයුතු නොකර පොදු එකඟතාවයකින් කටයුතු කිරීමටත්, උද්ධච්ච හැසිරීම ඉවත් කර නිහතමානීව අන් පාර්ශ්ව හා සංවාදයෙන් බුද්ධිමත්ව ක්‍රියා කිරීමටත් හිතා ගන්නේ නම් ඉතා හොඳය.
සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති