පූජක ආධිපත්‍යයෙන් යුතු ඉරාන පාලනය වෙනස් කළ යුතුයි

මේ වන විට ඉරානයේ පවත්නා පූජක ආධිපත්‍යයෙන් යුතු පාලනය වෙනස් කිරීම එරටට සිදුවිය හැකි හොඳම යහපත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. එහි දී ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ, වසර 47ක් තිස්සේ ඉරාන පාලනය සාකච්ඡාවලට පමණක් සීමා වී ඇති බවත්, ඒ අතරතුර කාලය තුළ එම පාලන ක්‍රමය නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී ඇති බවත්ය. මෙය ඉරානයේ වත්මන් පාලන ව්‍යුහය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඔහු මෙතෙක් සිදුකළ වඩාත්ම තීරණාත්මක ප්‍රකාශය ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.ඉරානයේ නායකත්වය සඳහා තමන් කැමති පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීම ඔහු ප්‍රතික්ෂේප කළද, එම වගකීම භාරගත හැකි පිරිස් සිටින බවට අමෙරිකානු ජනාධිපති වරයා ඉඟි පළ කොට තිබේ.

කාලීන පුවත්