එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර තිබේ.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ විසින්.
තානාපති කාර්යාලය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අභ්‍යන්තර අමාත්‍යාංශය සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව ඇය සඳහන් කරයි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ ගමනාගමන, ආරක්ෂිත ස්ථාන හා ගුවන්තොටුපොළ ප්‍රවේශ පිළිබඳ උපදෙස් තානාපති කාර්යාලය සහ ඩුබායි කොන්සියුලර් කාර්යාල Facebook පිටුව මඟින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන බැවින් ඒවා පරීක්ෂා කරන ලෙසයි.