ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති

පුරා විද්‍යා සහ කෞතුකවේද යන විෂය පථයන්හි ප්‍රාමාණික සුදුසුකම් සපුරාලන අතරේ කවි කෙටි කතා ආදී සාහිත්‍ය ක්ෂේත්‍රයන් හි ද විශිෂ්ඨ කුශලතා පළ කළ විද්වතකු වන ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය.හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ වරයකු සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ ඒ මහතා ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් වරයා ද වෙයි.මිය යන විට අසූ හය හැවිරිදිව පසු වූ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා නැසී ගිය කෙටි කතා කාරියක හා කිවිඳියක වන චන්ද්‍රලතා ලක්ඩුසිංහ මහත්මිය ගේ ආදරණීය සැමියා වන අතර සුභාෂිනී සහ මධුභාෂිනී යන විද්වත් දියණි වරුන් ගේ ආදරණීය පියාණන් ද වේ. ඒ මහතාගේ දේහය මේ වන විට වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (15) ප.ව 4.00ට නිට්ටඹුව මල්වත්ත ආදහනාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.

.

කාලීන පුවත්