ලොව පුරා “සාම සුනඛයා” ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින ආලෝකා සුනඛයා, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත “ගෝලීය සාම පා ගමන” (Global Walk of Peace) සඳහා සහභාගී වීමට මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිට තුර්කියේ ස්තාන්බූල් හරහා දිවයින බලා ගමන් කරමින් සිටියි. ආලෝකාගේ භාරකාරත්වය දරනු ලබන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් සමඟ මෙම ජාත්‍යන්තර සංචාරය සඳහා එක්වීමට ඉකුත් 19 වන දින කැලිෆෝනියාවේ සැන් හොසේ නුවර සිට ටෙක්සාස්හි ඩලස් ෆෝර්ට් වර්ත් (DFW) ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.විශේෂත්වයක් වන්නේ ආලෝකා සහතික ලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) ලෙස නම් කර තිබීම හේතුවෙන්, සාමාන්‍ය සුනඛයන් මෙන් ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කරන කොටසේ (Cargo) නොව, මගීන් ගමන් ගන්නා කුටිය (Cabin) තුළම ගමන් කිරීමට දුර්ලභ අවසරයක් හිමිව තිබීමයි. ශ්‍රී ලංකාව දක්වා වූ මෙම දීර්ඝ ගුවන් ගමනේදී ආලෝකා වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම විශේෂිත අසුනක් වෙන් කර ඇති බව වාර්තා වේ.මෙම ගෝලීය සාම පා ගමන සඳහා සහභාගී වන සෙසු භික්ෂූන් වහන්සේලා මේ වන විටත් දිවයිනට වැඩම කරමින් සිටින අතර, ආලෝකා සමඟින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හෙට ( 21)අළුයම දිවයිනට සැපත් වීමට නියමිතව ඇත. සාමය සහ සහජීවනය පණිවිඩය පෙරදැරි කරගත් මෙම වැඩසටහනට ආලෝකාගේ පැමිණීම සුවිශේෂී ආකර්ෂණයක් වනු නොඅනුමානය.