යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? - හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක හෝ වෛද්‍යමය වශයෙන් පූර්ණ නිවැරදි නිර්වචනයක් නොවේ. නමුත් ඒ පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති.

නවීන වෛද්‍ය විද්‍යාවට අනුව මරණය ප්‍රධාන නිර්ණායක දෙකක් මත තීරණය වේ:

ඉන් මුල්ම නිර්ණායකය සායනික මරණය (Clinical Death) යි. හෘද ස්පන්දනය, රුධිර සංසරණය සහ ස්වයංසිද්ධ ශ්වසනය (Breathing) සම්පූර්ණයෙන්ම නතර වීම මත මෙය තීරණය වේ.

මෙහි දෙවන නිර්ණායකය මස්තිස්ක මරණය (Brain Death) යි. මෙය වඩාත් නිශ්චිත විද්‍යාත්මක නිර්වචනය ලෙස පිළිගැනෙයි. මෙයින් අදහස් කරන්නේ මොළ දණ්ඩ (Brainstem) ඇතුළු මුළු මොළයේම ක්‍රියාකාරිත්වය ආපසු හැරවිය නොහැකි ලෙස නතර වී ඇති බවයි. ශ්වසනය වැනි වැදගත් ස්වයංක්‍රීය ක්‍රියාවලීන් පාලනය කරනු ලබන්නේ මෙම මොළ දණ්ඩ මගින් වීම නිසා, මොළය මිය යාම මරණය පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක නිර්වචනය ලෙස පිළිගැනෙයි. නමුත් ඉන් සායනික මරණය විද්‍යාත්මකව නොපිළිගැනෙන බවක් අදහස් නොවේ.

මරණයකදී ශ්වසනය නතර වීම අනිවාර්ය වුවත්, එය හුදෙක් “අවසන් සුසුම” යන අදහස පෙරදැරිව “හුස්ම පිට කිරීමක්” ලෙස පමණක් අර්ථ දැක්විය නොහැක. සාමාන්‍ය ශ්වසන චක්‍රයකට ආශ්වාසය (Inspiration) සහ ප්‍රශ්වාසය (Expiration) යන දෙකම ඇතුළත් වන අතර, මරණය සිදුවන මොහොතේ පුද්ගලයා හුස්ම ගනිමින් හෝ පිට කරමින් සිටිය හැකිය. එබැවින් අවසාන ක්‍රියාව ප්‍රශ්වාසයක්ම විය යුතු යැයි නියමයක් නැත.

සාමාන්‍ය ජන වහරේ “පණ අදිනවා” ලෙස හැඳින්වෙන තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී ඇගෝනල් බ්‍රීතිං (Agonal Breathing) ලෙස හැඳින්වේ. මෙය මරණයට ආසන්න මොහ

ඉරා අදුරුපට