ඩෙංගු රෝගීන් 96,040ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,040 දක්වා ඉහළ ගොස් තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155දෙනෙක් වාර්තා වූ බවයි.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තා වී තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 50,760ක්, දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,788ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,910ක් ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 20,444ක් ලෙසයි.

කාලීන පුවත්