ජනපති ගේ ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’අද සිට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ පළමු අදියර අද (06) කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ. ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ මෙම ජන රැලි මාලාව සංවිධානය කර ඇත.මෙම වැඩසටහන යටතේ අද දින ප්‍රධාන ජන රැලි දෙකක් පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 2.00 ට බුලත්සිංහල හා අද පස්වරු 3.30 ට බේරුවල වශයෙන් ඒවා සංවිධානය කොට තිබේ.රටේ වත්මන් දේශපාලන හා ආර්ථික ප්‍රගතිය මෙන්ම රජයේ ඉදිරි දැක්ම ජනතාව වෙත සමීප කිරීම අරමුණු කරගනිමින් මෙම ජන රැලි මාලාව ක්‍රියාත්මක කෙරේ.

කාලීන පුවත්