දිස්ත්‍රික්ක 7කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

අද  (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලාත්මක වෙයි.ඒ අනුව, අනතුරු ඇඟවීමේ 2 වන මට්ටම (අවදානම් – Amber) යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, පස්සර සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මීට අමතරව, අනතුරු ඇඟවීමේ 1 වන මට්ටම (විමසිලිමත් වන්න – Yellow) යටතේ පහත දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය: හල්දුම්මුල්ල, හපුතලේ සහ මීගහකිවුල

කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක සහ සීතාවක

කළුතර දිස්ත්‍රික්කය: මතුගම සහ පාලින්දනුවර

මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරළය, උඩපළාත, උඩුදුම්බර, උඩුනුවර, දොළුව, දෙල්තොට, පස්බාගේ කෝරළය, යටිනුවර සහ හාරිස්පත්තුව

කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, කෑගල්ල, අරණායක, දැරණියගල, වරකාපොළ සහ දෙහිඕවිට

නුවරඑළිය දිස්ත්‍රික්කය: නෝර්වුඩ්, නුවරඑළිය, තලවාකැලේ, වලපනේ, කොත්මලේ නැගෙනහිර, නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, හඟුරන්කෙත, අඹගමුව කෝරළය සහ මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය: අයගම, වැලිගෙපොළ, ඇලපාත සහ ඇහැළියගොඩ

කාලීන පුවත්