ප්‍රවීණ සංගීතවේදී, කලාසූරී ගුණදාස කපුගේ මහතා තනු නිර්මාණය කරමින් ගායනා කළ ජනප්‍රිය ගීත 20ක් පාලි බාග්‍රා හෙවත් පාලිත බණ්ඩාරට ගායනා කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (13) වාරණ නියෝගයක් නිකුත් කළේය.ගුණදාස කපුගේ මහතාගේ බිරිඳ වන ප්‍රේමා කපුගේ මහත්මිය සහ පුත් මිත්‍ර කපුගේ මහතා විසින් ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.එම ගීත පාලි බාග්රාට ගායනා කිරීම පමණක් නොව, පැමිණිලිකරුවන්ගේ ලිඛිත අවසරයකින් තොරව වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම ද අධිකරණය විසින් වාරණය කර ඇත.වාරණයට ලක්වූ ගීත අතර ගුණදාස කපුගේ මහතාගේ රසිකයන් අතර අතිශය ජනප්‍රිය ගීත රැසක් ඇතුළත් වේ. ඒවා නම් ‘සීතල සඳ එළියේ’, ‘දොඹ මල් කැලෑවේ’, ‘අහස උසට’, ‘බිම්බරක් සෙනඟ’, ‘නින්ද නැති රැයේ’, ‘අභිසාරිකාවන්ගේ’, ‘දෑස නිලපුල් තෙමා’, ‘සිංහල සිංදු කියන’, ‘අයියණ්ඩියේ’, ‘විදුලි මිණි පහන්’, ‘මං මුලාවී පාර සොයාගෙන’, ‘දම් පියාවී’, ‘දවසක් පැල නැති හේනේ’, ‘සිටු කුමාරියේ’, ‘සඳ හැංගි හැංගි’, ‘කවුරුත් එන්නැති’, ‘බිංදු බිංදු තාරකා’, ‘මගේ සඳ මඬල’, ‘ඔබ පෙම් කරන ඔබේ කුමාරි’ සහ ‘රුවක් ඇඳෙනවා’ යන ගීත විස්සය.මෙම නඩුවේදී පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පාලි බාග්‍රා මහතා අවසරයකින් තොරව ඒවා ගායනා කර ඇති බවයි. එම ගීත තමන්ගේ නිර්මාණ ලෙස හුවා දක්වමින් ගායනා කිරීමෙන් පැමිණිලිකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වා තිබේ.මෙම නඩුව නැවත නොවැම්බර් 27 වැනිදා කැඳවීමට ද කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර ඇත. පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ඉසුරු අබේවික්‍රම මහතාගේ උපදෙස් මත නීතිඥ සඳුන් සේනාධිපති මහතා පෙනී සිටියේය