රාජසිංහ රජුගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට? ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳට කළ දේට පසුවදනක්
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සම්බන්ධයෙන් මගේ සිත තුළ ඇත්තේ අතිශය භක්තිපූර්වක ආකල්පයකි. ඒ, 1990 දශකයේ අගභාගයේ මා හට වැළඳී තිබූ වකුගඩු ආසාදනයක් දුරදිග යාම නිසා එහි හතේ වාට්ටුවේ සති තුනක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බැවිනි.…









