IMFසහනය ලැබෙන්න මාස කීපයක් යයි;එතෙක් මිතුරු රට වලින් ණය ගන්න වෙයි

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදය විසඳනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) විසඳුම් ලැබෙන තුරු අවශ්‍ය කටයුතු කරගෙන යාම සඳහා යම් මුදල් ප්‍රමාණයක් මිත්‍රශීලි රටවලින් ලබා ගැනීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළද ඒ ඔස්සේ විසඳුම් ලබා ගැනීමට තවත් මාස කිහිපයක් ගත විය හැකි බව මුදල් අමාත්‍යංශයේ නව ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ද පවසයි.ඔවුන් මේ බව සඳහන් කළේ “ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව” මැයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සියළු මාධ්‍ය ආයතන හා සමගාමීව ඊයේ ඉදිරිපත් කරන විශේෂ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.නමුත් හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැන් රජය ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතිය යුතු බව මුල් වරට පවසද්දී රජයේ ප්‍රබලතමයන් වැඩි දෙනෙක් ඒ යෝජනාව එක හෙළා ප්‍රතික්ෂේප කළහ.

කාලීන පුවත්