ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහායි ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
එහිදී 7 වෙනි සමාලෝචනය සිදුකරන අතර 8 වෙනි ණය වාරිකය මුදා හැරීම පිළිබඳ සලකා බැලීමට නියමිත බවද වාර්තා වෙයි.