LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය හෙටින් ඇරඹෙයි

LPL තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය හෙට (08) සිට ආරම්භ කිරීමට නියමිතයි.ලබන 18 වෙනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා ක්‍රියාත්මක මෙම මාර්ගගත ලියාපදිංචි වීමේ අවස්ථාව ක්‍රීඩකයන්ට විවෘතව පවතියි.

LPL තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට නියමිතයි.ඒ අනුව කොළඹ එස්.එස්.සී සහ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තරග සඳහා සත්කාරකත්වය සපයනු ඇති.

තරගාවලිය ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි.

කාලීන පුවත්