රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මහාචාර්යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දී තිබේ.කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය 2024 වසරේ අවසාන භාගයේදීය.සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන මහාචාර්ය වීරසිංහ මහතා, ඉදිරියේදී නැවතත් සිය පූර්ණ කාලීන විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රීය සේවය සඳහා එක්වීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.