
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අපකීර්තියට පත් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි සිය අමාත්‍ය ධුරයට තාවකාලිකව සමු දෙද්දී, සාමයේ දූතයා ලෙස මෑතකාලීනව ලොව ජනාදරයට පත් ආලෝකා සුනඛයා ශ්‍රී ලංකාවට සැපත් වනු ඇත.
දූෂණය හා වංචාව පිටුදකිනු වස් බලයට පත් දේශපාලන අධිකාරියක්, බලයට පැමිණ වසරක් ඉකුත්වෙත්ම මෙවැනි බරපතළ දූෂණ චෝදනාවකට ලක් වීම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි. එය “කනගාටුදායක තත්ත්වයක්” ලෙස පුරවැසියන් වශයෙන් අපට මෙසේ උච්චාරණය කිරීමට වන්නේම, දශක ගණනාවක් පුරා දේශපාලකයින් මෙරට වැසියන් රැවටීමටත් හා මෙරට ජාතික ධනය සූරාකෑමටත් ලක් කරන බව විපක්ෂයේ සිට මොරදුන් පිරිසක් විසින්, යුක්තිය ඉටුකිරීම පිණිස ජනතාවගේ උර මතින් බලයට පැමිණි පසු චේතනාන්විතව මෙවැනි අගතියකට පත්වීමේ අවාසනාව තවත් සරල නිමිත්තක් නොවන බැවිනි.

සත්ත්ව හිංසනය හා සත්ත්ව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන මෙවන් රටක, වීථි පුරා විසිරී හිඳින සුනඛ ගහනය මිලියන දෙකක් ඉක්මවා ඇතැයි සංගණන වාර්තා පෙන්වා දෙද්දී, එකී සතුන්ගේ ආරක්ෂාව, මූලික පැවැත්ම හා ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ප්‍රමාණවත් පාරිසරික තත්ත්වයක් සේම, නෛතික පදනමක් (යාවත්කාලීන වූ නීති) නොමැති රටක විදෙස් ජනකාන්ත සුනඛයකු (An Iconic Foreign Dog) ගෙන්වා ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනයට තැබීමේ උත්ප්රාසය මෙරට සැබෑ සත්ත්ව ප්‍රේමීන් කෙසේ බාර ගනිමුද?
සත්ත්ව හිංසනය හා සත්ත්ව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන මෙවන් රටක, වීථි පුරා විසිරී හිඳින සුනඛ ගහනය මිලියන දෙකක් ඉක්මවා ඇතැයි සංගණන වාර්තා පෙන්වා දෙද්දී, එකී සතුන්ගේ ආරක්ෂාව, මූලික පැවැත්ම හා ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ප්‍රමාණවත් පාරිසරික තත්ත්වයක් සේම, නෛතික පදනමක් (යාවත්කාලීන වූ නීති) නොමැති රටක විදෙස් ජනකාන්ත සුනඛයකු (An Iconic Foreign Dog) ගෙන්වා ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනයට තැබීමේ උත්ප්රාසය මෙරට සැබෑ සත්ත්ව ප්‍රේමීන් කෙසේ බාර ගනිමුද?

“ආලෝකා” ලොව වීථි සුනඛ ප්‍රජාවටම ආලෝකයක් වූ ප්‍රේමයේ හා සාමයේ සංකේතයක් වන්නේ, ඉන්දියාවේ මුම්බායිහි ජරාජීර්ණ වීථියක කුසගින්නට අහරක් හෝ හිසට සෙවණක් නොමැති අනාරක්ෂිත තත්ත්වයක දුක් විඳ, අවසානයේ ලොව පුරා ප්‍රේමයේ සහ සාමයේ පණිවිඩය රැගෙන යන ගෞරවනීය දූතයෙකු වන නිසාය. එකී ප්‍රේමයේ හා සාමයේ දූතයා ලංකාවට රැගෙන ඒමේ සැබෑ පරමාර්ථය විය යුත්තේ, මෙරට නිරාහාරව, රෝගීව, තාඩන-පීඩනවලට යටත්ව අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් භුක්ති විඳින මිලියන දෙකකට අධික වීථි සුනඛ ප්‍රජාවට යහපත් හෙට දවසක් අත්කර දීමේ ආදර්ශය ලබා ගැනීමට මිස, ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ජනතාව ඉදිරියේ “ආලෝකා” සන්දර්ශන පැවැත්වීම නොවේ.
තුර්කිය (තුර්කියේ සත්ත්ව ක්‍රියාකාරිකයින් පවසන්නේ, බහුල වශයෙන් සුනඛයින් ඝාතනය වන බවයි. එහෙත් තුර්කි රජය විසින් සත්ත්ව අනාථාගාර ක්‍රමය වර්ධනය කොට, පුරවැසියන් හට මහමඟට සුනඛයින් මුදා හැරීමට එරෙහිව දැඩි නීතිමය තත්ත්වයක් ද ස්ථාපනය කරන ලදී) සේම ඉන්දියාව වැනි රටවල් තම වීථි සුනඛයින් සංරක්ෂණය කිරීම පිණිස රාජ්‍ය මට්ටමින් විධිමත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ නිසාම, මේ වනවිට එකී රටවල වීථි සුනඛ ගහනය සාධනීය ලෙස පාලනය වූ තත්ත්වයකට පත් කිරීමට හැකිව තිබේ. ආලෝකා තුළින් අප ලබා ගත යුත්තේ එකී ආදර්ශයයි. ඒ මිස, ගුණ-නැණ බෙලෙන් පොහොසත් ධාර්මික සමාජයක් බිහිකිරීමට යහපත් දහම් කරුණු වපුරා පෘථග්ජන සමාජය දැනුවත් කරනු වෙනුවට, ආගමික සිරිත්-විරිත් පසුපස චාරිත්‍ර වන්දනාවේ යන බැතිමතුන් ප්‍රවර්ධනය කරමින් ධාතු ප්‍රදර්ශනය කිරීම වැනි ප්රදර්ශනකාමී කටයුතු ඉහළට එසවීම නොවේ.

ආලෝකාගේ පාගමනට ආරක්ෂාව සැපයීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින කණ්ඩායමට ද සහෝදරාත්මකව පෙන්වා දෙනු කැමැත්තේ, ප්රදර්ශනශීලී කටයුතු සඳහා සහභාගි වීමෙන් සත්ත්ව සුබසාධන සංවිධානයක් ලෙස ඔබලා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන ජනප්‍රියත්වය ගැටලුවක් නොවන බවයි. ඒ දෙස වපරැසින් නොබලන අතර, මේ කර්තව්‍යය සඳහා ඔබලා ලබා දෙන්නා වූ ස්වේච්ඡා දායකත්වය තවත් එක් ජනප්‍රියවාදී සැමරීමකට සීමා නොකර, පවතින ආණ්ඩුවට සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට බලකර සිටින මෙහෙයුමකට ඉදිරිපත් වීම ඔබේ සැබෑ සැමරුම ලෙස ඉලක්කගත කළ යුතු බවයි. එසේ නොවෙන්නට, මෙරට ප්‍රදර්ශනකාමීන් පිරිසක් ආලෝකාගේ ආලෝකය තුළින් වීථි සුනඛයින් වෙත ප්‍රේමයේ හා සාමයේ ආලෝකය විහිදුවාලන්නට නොව, අනුන්ගේ පහනින් එළිය බලා, වීථි පුරා අඳුරේ සුසුම්ලන සුනඛ ආත්මයන් ඊයේ සේම අදත්, අද සේම හෙටත් අඳුරේම මියයන අයුරු කම්පිතව බලා සිටින අප අතරට ඔබට ද එක්වීමට සිදුවන බව යළිත් සිහිපත් කරන්නේ සහෝදරත්වයෙනි.

වත්මන් ආණ්ඩුවේ අක්‍රමිකතා සහ අඩුපාඩු පුරවැසියන් ලෙස කවරෙකු හෝ සාකච්ඡාවට බඳුන් කළ විට, අදාළ තැනැත්තා හෝ තැනැත්තිය ඉලක්ක කරගනිමින් සැහැසි ලෙස පහර එල්ල කොට පොදුජන හඬ නිහඬ කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන ජාජබ හිතවාදී “සේදුම් බලකායට” පෙන්වා දෙනු කැමැත්තේ, පවතින බල අධිකාරියේ පාලන බලය කවදා හෝ අවසන් වූ දිනෙක, යළි නුඹලා රැඳී සිටිය යුත්තේද සෙසු ජනතාව අතරේම නිසා, පක්ෂ දේශපාලන හිතවාදියෙකු වීමට පෙර තමන් මෙරට පුරවැසියෙකු බව අමතක නොකරන ලෙසයි. එයද සහෝදරාත්මක ඉල්ලීමක් බව කරුණාවෙන් සලකන්න!
එසේම වත්මන් ආණ්ඩුවේ අක්‍රමිකතා සහ අඩුපාඩු පුරවැසියන් ලෙස කවරෙකු හෝ සාකච්ඡාවට බඳුන් කළ විට, අදාළ තැනැත්තා හෝ තැනැත්තිය ඉලක්ක කරගනිමින් සැහැසි ලෙස පහර එල්ල කොට පොදුජන හඬ නිහඬ කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන ජාජබ හිතවාදී “සේදුම් බලකායට” පෙන්වා දෙනු කැමැත්තේ, පවතින බල අධිකාරියේ පාලන බලය කවදා හෝ අවසන් වූ දිනෙක, යළි නුඹලා රැඳී සිටිය යුත්තේද සෙසු ජනතාව අතරේම නිසා, පක්ෂ දේශපාලන හිතවාදියෙකු වීමට පෙර තමන් මෙරට පුරවැසියෙකු බව අමතක නොකරන ලෙසයි. එයද සහෝදරාත්මක ඉල්ලීමක් බව කරුණාවෙන් සලකන්න!
ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද – සම්මානනීය සිනමාවේදිනී