මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර ඉරානයට එරෙහිව තවමත් බරපතළ ප්‍රහාර එල්ල කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.