කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මෙරටට සිදුකර තිබෙන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අගය සියයට 26.5 කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පසුගිය වසරේ මුල් මාස තුනක කාලයේ දී මෙරටට සිදුකර තිබෙන ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1,814.4ක් වන නමුත් ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,294.9ක් ලෙස කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
මේ අතර මේ වසරේ මාර්තු මාසයේ දී පමණක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක් ප්‍රේෂණය කර තිබෙන අතර එය පසුගිය 2025 වසරේ මාර්තු මාසයේ දී සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 693.3ට සාපේක්ෂව සියයට 17.5ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක් කියයි.