අද සිට වැස්සේ වැඩි වීමක්!

මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට බලපවත්වන වැසි තත්වය අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඒ අනුව අද සිට ප.ව. 2.00 න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්.උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.එහි වැඩු දුරටත් සඳහන් වන අන්දමට පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ඒ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලීන පුවත්