ආචාර්ය ඒ.ටී ආරියරත්න සදහටම සමු ගනී

සර්වෝදය ව්‍යාපාරය නිර්මාණය කරමින් ප්‍රසංශනීය යුග මෙහෙවරක යෙදුණු ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ඊයේ 16) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වැනි වියේ පසු විය.ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා1958 ආරම්භ කරන ලද සර්වෝදය ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස ගෞරව බහුමානයට ලක් ව තිබේ.1931 දී ගාල්ල උණවටුනේ උපත ලද ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවටුන බොනවිස්ටා විද්‍යාලයෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ද ලැබීය.රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව ඒ මහතාගේ දේහය ප්‍රථමයෙන් මොරටුව සර්වෝදය මූලස්ථානයට ගෙන ගොස් මහජන ගෞරවය සඳහා තබා, ලබන සෙනසුරාදා(20)දින නිදහස් චතුරශ්‍රයේ දී අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්