ආණ්ඩුව මුලින් කී සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යට ගහනවා

ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යටපත් කොට ඇති අතර ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම ගැටලු සහගත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ අද(28) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. මේ ආණ්ඩුවේ එම ක්‍රියා මාර්ගය හේතුවෙන් ඊයේ හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ බවත් ජනතාව ගැන සිතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීම සම්බන්ධයෙන් අද දිනයේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරන බවත් ඔහු කීය.එමෙන්ම ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කරන්නේ රට වැටී ඇති තත්වයෙන් ගොඩගැනීමට පවතින උවමනාව නිසා මිස ආණ්ඩුවට පන්දම් අල්ලන්නට නොවන බවත් බවත් කී හිටපු ජනාධිපති වරයා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර අනුව ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් මේ වන විටත් ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නැති බවත් අවධාරණය කළේය.

කාලීන පුවත්