ඉංග්‍රීසි භාෂා ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරික්ෂණ 10වනදා සිට

ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021.12.12 දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි 10, 11, 13 හා 20 යන දිනවල ‘ඉසුරුපාය’, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වෙන බව සඳහන්.

සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළ කර තිබේ.

කාලීන පුවත්