වසරකට අලුතින් වකුගඩු රෝගීන් 3000ක්

මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් ව ඇති මුත් එය සුවිශේෂ වැඩි වීමක් නොවන බව ද ඇමැතිවරයා පැවසුවේය.වකුගඩු රෝගියකුට රජයෙන් රුපියල් 7500ක දීමනාවක් දැනට ලබාදෙන බවත් දැනට 19,247ක් දෙනා එම ප්‍රතිලාභය ලබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

කාලීන පුවත්