ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ පාර්ලිමේන්තු අසුනින් නෙරපයි

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කොට ඇත.සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.සමගි ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී වරියක ලෙස පාර්ලිමේන්තුවට පත් වූ ඇය සංචාරක රාජ්‍ය ඇමතිනිය වශයෙන් පත් වූ අතර මේ සමඟම ඇගේ එම තනතුර ද අහෝසි වනු ඇත.

කාලීන පුවත්