ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් නිකම් දෙන්න යයි

ඉන්දියානු දුම්රිය පද්ධතියේ විදුලි බල ධාවන කටයුතු ව්‍යාප්ත වීම මත භාවිතයෙන් ඉවත් කළ දුම්රිය ඩීසල් එන්ජින් 20 ක් මෙරටට නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද? යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කරනු ලැබීය.ඒ අනුව පරීක්ෂණ ධාවන කටයුතු සඳහා ඉන් දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේ දි මෙරටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.නමුත් මෑතක අති විශාල මුදල් සම්භාරයක් වැය කොට ඉන්දියාවෙන් ආනයනය කරන ලදුව M 11 යනුවෙන් වර්ගීකරණයට ලක් කරන ලද අළුත්ම දුම්රිය එන්ජින් දහයෙන් අටක්ම මේ වන විටත් භාවිතයෙන් ඉවත් කොට ඇති පසුබිමක මෙලෙස ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් අප රටේ කෙසේ භාවිත කළ හැකිද?යන්න ගැටළුවක් ව පවතින බව මගීහු පවසති.

කාලීන පුවත්