ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අඩු කර ඇත.ඩීසල් හා භූමිතෙල් සැලකිය යුතු ලෙස පහත දමා තිබේ.විශේෂයෙන් ඩීසල් මිල පහත හෙළීම නිසා ප්‍රවාහන වියදම් අඩුවීම තුළින් ජන ජීවිතයට තරමක හෝ සහනශීලී බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.නව ඉන්ධන මිල ගණන් පහතින්. පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368) පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420) ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333) සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377) භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

කාලීන පුවත්