ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී මෙරටට එවා ඇති කෝටි ගණනක මුදලක් හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද(11) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.මන්ත්‍රීවරයා පැවසූ පරිදි, මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක උපදෙස් මත මෙම ශ්‍රමිකයින් ‘ග්ලෝබල් රෙමීට්’ නැමැති ආයතනය හරහා අප්‍රේල් සහ මැයි මාසවලදී මුදල් ශ්‍රී ලංකාවට එවා ඇත. එක් ශ්‍රමිකයෙකු සාමාන්‍යයෙන් මසකට ඇමරිකානු ඩොලර් 3000 ක් පමණ මෙරටට එවන බව ද ඔහු සඳහන් කළේය.මුදල් මෙරටට නොලැබෙන බව දැනගැනීමෙන් පසු අදාළ ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කර ඇත. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බව මන්ත්‍රී චානක මහතා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.’ග්ලෝබල් රෙමීට්’ හරහා මුදල් එවන ලෙස උපදෙස් දුන් රාජ්‍ය බැංකුව වෙත ගොස් මේ පිළිබඳ විමසූ විට තානාපති කාර්යාලයට යන ලෙස ද, තානාපති කාර්යාලයට ගිය විට බැංකුවට යන ලෙස ද පවසමින් ශ්‍රමිකයින් දැඩි අපහසුතාවයට පත් කර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.