උඩරට වෙස් ඇඳුම ලෝක උරුමයක් කරන්න තීරණයක්

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසයි.

උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩම කරවීම අත්හැරිය යුතු බව ද මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පැවසීය.

“බොරුවට සංස්කෘතිය, සංස්කෘතිය කියලා කෑ ගැහුවට කීයෙන් කීදෙනාද මේ සංස්කෘතිය ගැන දන්නේ. කාටද මේක රකින්න ඕනකමක් තියෙන්නේ. අපි හිතනවා මේ දේශපාලනඥයින්ව පෙරහැරෙන් එක්කන් එන එක තමා සංස්කෘතිය කියලා. අපේ කලාකරුවන්ගේ කොන්ද බිඳලා තියෙන්නේ. අභිමානයක් නැති කලාකරුවෙක් අද ඉන්නේ. අභිමානයක් දෙනකල් කවදාවත් මේ සංස්කෘතිය නඟා සිටුවන්න බෑ. මේ විකාරරූපි වැඩ නවත්තමු. මේවා කරා අපි අවුරුදු 75ක්. රුපියල් ශතවලින් අපි බංකොළොත් වුණාට හදාගන්න පුළුවන්. නමුත් සංස්කෘතියෙන් බංකොළොත් වුණ දවසට මේ රටේ දණින් වැටෙන්නේ මිනිස්සු තමා…”

කාලීන පුවත්