වයඹ පළාත් ලේකම් ධුරය රන්ජිත් ආරියරත්න එම ධුරයෙන් ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ රන්ජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්කර ඇත.වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීම ඊට හේතු වශයෙන් දක්වා තිබේ.අදාළ පැමිණිලි හා චෝදනා පිළිබඳව සොයා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රන්ජිත් ආරියරත්න මහතාව වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ අතර ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා වයඹ ප්‍රධන ලේකම්වරයා ලෙස වෙනත් අයකු ලබන සිකුරාදා පත්කිරීමට නියමිත අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඒ මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශයක් නිකුත් වී නැත.

කාලීන පුවත්