එල්-නිනෝ නිල වශයෙන් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවයි.

පැසිෆික් සාගර කලාපයේ ලබන මාසයේදී වර්ධනය විය හැකි බවට අනාවැකි පළ කෙරෙන එල්-නිනෝ (El-Nino) තත්ත්වය මෙවර ප්‍රබල විය හැකි බව කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේය. මෙමගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසකට බලපෑමේ අවදානමක් පවතියි.

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇති වියහැකි බලපෑම සම්බන්ධව මේ වනවිට දැඩි කතා බහකට ලක්ව ඇත. එල්-නිනෝ බලපෑම මත ඉදිරි ජූලි, අගෝස්තු මාසවලදී මෙරට වැසි තත්ත්වයේ අඩුවීමක් සේම උණුසුම් තත්ත්වය ඉහළ යාමක් සිදුවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

කාලීන පුවත්