ඔක්ටේන් 92 පෙට්‍රල් නැව අද නොවේ හෙට

ඔක්ටේන් 92 පෙට්‍රල් නැව අද නොවේ හෙට අද (23) පෙරවරුවේ පැමිණීමට නියමිත ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක රැගත් නෞකාව හෙට (24) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මේ තත්වය යටතේ අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමිත ප්‍රමාණයක් බෙදාහැරිය ද ඔටෝ ඩීසල් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහරින බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.නමුදු ඉන්ධන පිරවුම් හල් වලින් නිකුත් කරන ඉන්ධන වලින් සැළකිය යුතු ප්‍රමාණයක් සඟවා තබා ගැනීම මත ඇතැම් විට ඩීසල් හිඟතාවයක් පෙන්නුම් කරන බව ද ඇමති වරයා කීය.

කාලීන පුවත්