ව්ලැදිමීර් පුටින් ගෙන් මෛත්‍රීට ලියුමක්

පසුගිය දා රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම පිළිබඳව ඇතිවූ අර්බුදය විසඳා ගැනීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ඉකුත් 05 වන දින යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන් රුසියානු ජනාධිපති වරයා ශ්‍රී ලංකාවේ හිටපු ජනපති වරයාට ලිපියක් එවා තිබේ. එය ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා විසින් එය හිටපු ජනාධිපතිවරයාට එම නිල නිවසේ දී ඊයේ (22) භාර දෙනු ලැබිණි.ශ්‍රී ලංකාවේ තෙල් සහ පොහොර අර්බුදය සම්බන්ධයෙන් සාධනීය මැදිහත් වීමකට රුසියාවට අවකාශ ඇති මුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයේ පැහැදිලි උනන්දුවක් මේ තාක් දක්නට නොලැබෙන බව රුසියානු තානාපති වරයා සඳහන් කොට තිබේ.මේ වන විට නවතා දමා ඇති රුසියා- ශ්‍රී ලංකා එරොෆ්ලොට් ගුවන් සේවය නැවතත් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන අතර ඒ සම්බන්ධ එකඟතාව ඉක්මනින් ලබාගැනීමට ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද රුසියානු ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා කීය.එමෙන්ම 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාධනීය ප්‍රවර්ධනයක් රුසියාව අපේක්ෂා කරන බව ද ඔහු පවසා තිබේ.එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට රුසියානු රජය අපේක්ෂා කරන සාධනීය පිළිතුරක් ලබා දීමට මැදිහත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීය..

 

කාලීන පුවත්