කතරගම අලියකුට විෂ පැණි කොමඩු ගෙඩියක් දීලා

කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල නමැති අලියාට කාබයිට් නැමැති රසායනික ද්‍රව්‍යය යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන් බව කියන පුද්ගලයෙකු කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැති අයෙකු පොලීසියට පැමිණිලි කොට තිබේ.අලියාට ඊයේ මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු මුඛය රත් වීමත් සමගම එය බිම හෙලා ඇත. ඉන්පසු නොසන්සුන්වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි නිසා කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති මහතා කැඳවා අලියාට ප්‍රතිකාර ලබාදී තිබේ. අලියාට විෂ ශරීර ගතවී නැති බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.එම පුද්ගලයා කුමන අරමුණකින් මෙය කරන ලද්දේ දැයි මෙතෙක් අනාවරණය වී නැත.

Uncategorized