කැනඩාවේ ශ්‍රී ලාංකික අපරාධකරුවකු නිර්මාණය කොට YouTube අත සෝදා ගත්තාද?

කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක සිදු වූ සමුල ඝාතනයේ සැකකාර තරුණයාගේ YouTube ගිණුම අත්හිටවූ බව පසුගිය දා ප්‍රවෘත්ති මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. මේ සැකකාර තරුණයා පරිගණක ක්‍රීඩාවන්ට දැඩිව ඇබ්බැහි වූවෙක් බවත්, තමා විසින් භාවිත කරන ක්‍රීඩාවන් පටිගත කොට ඒවා YouTube අවකාශයට මුදාහැරීමේ පුරුද්දකින් පසුවූවෙක් බවත් දැනගන්නට ලැබිණි. YouTube නාලිකාවට පිවිසෙන ඕනෑම අයෙකුට විවිධ පුද්ගලයන් විසින් මුදාහැර ඇති විවිධාකාර පරිගණක ක්‍රීඩාවන් දක්නට හැකි අතර YouTube වීඩියෝ අතරතුර පෙන්වනු ලබන වෙළෙඳ දැන්වීම්වල ද පරිගණක ක්‍රීඩා පිළිබඳ සඳහන් වේ. මේ තරුණයා Minecraft නමැති වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි බව ද පැවසේ.

කෙසේ නමුත් YouTube නාලිකාව විසින් යම්කිසි පුද්ගලයකුගේ ගිණුමක් අත්හිටුවනු ලබන්නේ අදාළ පුද්ගලයා ‘ප්‍රජා මාර්ගෝපදේශ’ (Community Guidelines) නිවැරදි ලෙස අනුගමනය නොකරන අවස්ථාවන්හිදීය. ඔහු YouTube නාලිකාවට මුදා හැර තිබුණේ Minecraft ක්‍රීඩාවට අයත් වීඩියෝ පමණක් නම් එය ඔහුගේ ගිණුම අත්හිටුවන්නට හේතුවක් නැත. එයට හේතුව Minecraft ක්‍රීඩාව දරුවන්ට අහිතකර බව සඳහන් නොවන බැවිනි. මොහු සමාජය කෙරෙහි වඩාත් වැරදි බලපෑම් එල්ල කළ හැකි Virtual Reality නමින් හඳුන්වනු ලබන තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටින්නට ඇති බවත් ඒවා ද YouTube නාලිකාවට මුදාහැර ඇති බවත් පැවසේ. කෙසේ නමුත් එය පිළිබඳ අපට දැන් කිසිවක් බලාගන්නට නොහැක්කේ තවදුරටත් එකී ගිණුම නොපවතින නිසාය. YouTube නාලිකාවකට යම් වීඩියෝවක් මුදා හැර නොබෝ වේලාවකින් එය ප්‍රජා මාර්ගෝපදේශවලට පටහැණි බව එහි ස්වයං ක්‍රියාකාරී පද්ධතිය මගින් නිර්ණය කළ හොත් එකී වීඩියෝව මහජනයාට නැරඹීමට ඉඩ නො සලසා, එකී වීඩියෝව මුදා හළ පුද්ගලයාට ඒ බව දන්වා සිටියි. කෙසේ නමුත් මේ සැකකාර තරුණයාගේ YouTube ගිණුම අත්හිටවීමට තුඩු දුන් වැරදි පෙළඹවීම් ඇති කරන්නේ යැයි පැවසෙන වීඩියෝ එකී පද්ධතියට හසු වී ඇත්තේ මේ අපරාධය ද සිදු වූ පසු ය.

Virtual Reality යන්න සිංහල බසින් අපට ‘අතථ්‍ය සත්‍යය’ වැනි යෙදුමකින් හැඳින්විය හැකිය. ඇතැම් තැන්වල මෙය ‘සත්‍යාසන්න’ යනුවෙන් ද සඳහන් වේ. කෙසේ හෝ සැබෑ ලෝකයේ  තුළ ප්‍රායෝගික ව කළ නොහැකි යම් ක්‍රියාවන් සත්‍ය නොවන ලෝකය තුළ ඉතා පහසුවෙන් සිදු කරන්නට අතථ්‍ය සත්‍යය යන තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ක්‍රීඩාවන් සහ පරිගණක වැඩසටහන් මගින් ඉඩ සලසා දෙයි.

පරිගණක ක්‍රීඩාවන් පිළිබඳ අධ්‍යයනයන් සිදු කරන මනෝ විද්‍යාඥයින් සහ විවිධ විද්වතුන් පවසන්නේ මේවා නිර්මාණය කොට ඇති Virtual Reality තාක්ෂණය, දරුවන් තුළ වැරදි ආදර්ශයන් ඇති කරන්නට ඉඩ තිබෙන බවය. Virtual Reality යන්න සිංහල බසින් අපට ‘අතථ්‍ය සත්‍යය’ වැනි යෙදුමකින් හැඳින්විය හැකිය. ඇතැම් තැන්වල මෙය ‘සත්‍යාසන්න’ යනුවෙන් ද සඳහන් වේ. කෙසේ හෝ සැබෑ ලෝකයේ  තුළ ප්‍රායෝගික ව කළ නොහැකි යම් ක්‍රියාවන් සත්‍ය නොවන ලෝකය තුළ ඉතා පහසුවෙන් සිදු කරන්නට අතථ්‍ය සත්‍යය යන තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ක්‍රීඩාවන් සහ පරිගණක වැඩසටහන් මගින් ඉඩ සලසා දෙයි. උදාහරණයක් ලෙස අපට ගුවන් යානා පැදවීමක් ගත හැකිය. ඔබට හෝ මට පහසුවෙන් ගුවන් යානා පැදවීමට ඉගෙන ගැනීමට නොහැකිය. නමුත් මේ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ගුවන් යානා පැදවීම් පිළිබඳ වැඩසටහන් මගින් සත්‍යයට ඉතා ආසන්න අත්දැකීමට ලබාගැනීමට අපට දැන් ඕනෑ තරම් අවස්ථාව තිබේ. ඔබට Roller Coaster එකක අත්දැකීමක් ලබාගන්නට, ඉතා වේගයෙන් වාහන පදවාගෙන යන්නට, ඔබගේ සතුරන් ඉතා පහසුවෙන් විනාශ කරමින් ඉදිරියට ගමන් කරන්නට අතථ්‍ය සත්‍ය තාක්ෂණය ඉඩ සලසයි. සැබෑ ලෝකයේ මාර්ග නීති අනුගමනය කරමින් වාහන පදවාගෙන යාම යම් පුද්ගලයකුට කරදරයක් යැයි සිතෙන්නට පුළුවන. මාර්ග තදබදය ඇති අවස්ථාවක ඉදිරියේ ඇති වාහන සියල්ල යට කරමින් ඉදිරියට ගමන් කරන්නට යම් පුද්ගලයකුට සිතෙන්නට පුළුවන. නමුත් සැබෑ ලෝකයේ එවැන්නක කරන්නට ඉඩක් නැත. එවැන්නක් සිදු කරන්නට උත්සාහ කළ ද අවසානයේ මිනිස් ඝාතත, දේපළ හානි වැනි චෝදනා යටතේ නීතිය හමුවේ වරදකරුවෙක් වන්නට සිදු වේ. නමුත් අතථ්‍ය සත්‍යය තුළ මේ ගැටලු නැත. ඉදිරියට පැමිණෙන සියලු වාහන කුඩු පට්ටම් කරමින් ඉදිරියට ගමන් කරන්නට හැකියාව තිබේ. සැබෑ ලෝකයේ දී තරම් ඔබට හෝ ඔබේ වාහනයට හෝ හානි සිදු වන්නේ නැත. හානි සිදුවුවත්, ක්‍රීඩාව තුළ ඔබ පෙන්වූ යම් යම් හපන්කම් නිසා අත්පත් කරගත් ලකුණු උපයෝගී කර ගනිමින් වාහනය අලුත්වැඩියා කර ගත හැකිය. දැන් ඔබට නැවතත් සියලු වාහන කුඩු පට්ටම් කරමින් ඉදිරියට ගමන් කළ හැකිය. මාර්ගයේ සහ වාහනවල සිටින පුද්ගලයින් උඩින් විසි වී ගොස් වැටෙන අන්දම ඔබට පෙනෙයි. ඔබට ඔවුන් පෙනෙන්නේ තමන්ගේ ගමන යාමට බාධා කළ සතුරන් ලෙසිනි. ඔබ දැන් ඒ සතුරන් විනාශ කරමින් ඉදිරියට ගමන් කිරීමේ යෙදී සිටියි.

ඔබ ගොපලු චිත්‍රපට නරඹා ඇත්නම් ඒවායේ ද ඇත්තේ තමා ඉදිරියට පැමිණෙන සියලු සතුරන් ඉතා පහසුවෙන් වෙඩි තබා ඝාතනය කිරීම් ය. ගොපල්ලකුගේ කලිසම් සාක්කුවල අවම වශයෙන් පිස්තෝල දෙකක්වත් ඇත. ඇතැම් විට කකුල්වල බත්කෙන්ඩ ප්‍රදේශයේ කලිසමට යටින් සඟවා ගත් පිස්තෝල ද දැකිය හැකිය. පිස්තෝලය ඇඟිලි වටා කරකවමින් සිතන්නටවත් ඉඩක් නොතබා වේගයෙන් සතුරන් ඝාතනය කරන ආකාරය මෙවැනි චිත්‍රපට නැරඹූ අයට මතක තිබිය හැකිය. එය අතථ්‍ය සත්‍ය පරිගණක ක්‍රීඩාවන් තරමටම මනස ඔද්දල් නොකළ ද එම චිත්‍රපට නරඹන්නට ඇබ්බැහි වූ ප්‍රේක්ෂකයන් තුළ ද එවැනි පෙළඹවීමක් ඇති කරන්නට සෑහෙන බලපෑමක් සිදු කරයි.

අතථ්‍ය සත්‍යය යන තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරනු ලැබූ සෑම පරිගණක ක්‍රීඩාවක් තුළින් ම මේ හා සමාන අත්දැකීම් ලබා ගත හැකිය. මෙහි ගැටලුව වන්නේ වරක් දෙවරක් මෙවැනි ක්‍රීඩාවන් පරිශීලනය කිරීම නොව මේවාට ඇබ්බැහි වීමය. ඇබ්බැහි වූ විට තත්ත්වය වෙනස්ය. එවැන්නකට ඇබ්බැහි වූ පුද්ගලයාගේ හෝ දරුවාගේ හෝ මානසික ඒකාග්‍රතාව දැඩි ලෙස පහළ යයි. යම් කිසිවක් කෙරෙහි අවධානයෙන් සිටීමට, නැවතී සිතා බැලීමට ඇති හැකියාව පහව යයි. අදාළ පුද්ගලයාගේ මනස හුරු වී ඇත්තේ මනා සිහිබුද්ධියකින් ඉදිරියට ගමන් කිරීමක් පිළිබඳ ව නොව සියලු බාධක වනසමින් ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙන ස්වභාවයකට ය. මේ මානසික තත්ත්වයට හුරු වූ පුද්ගලයා සිතන්නේ තමාට අත්දැකීමට සිදු වන සෑම ගැටලුවකට ම පිළිතුර වන්නේ තම විරුද්ධවාදීන්, බාධක සියල්ල එකවර විනාශ කිරීම වැනි දෙයකි. මේ මානසිකත්වය අතථ්‍ය සත්‍ය තාක්ෂණ ලෝකයට බිහි වන්නට පෙර වෙනත් ආකාරයකින් අප කෙරෙහි බලපෑම් කළ අවස්ථාවක් ද මෙහි දී සිහිපත් වේ. ඒ බටහිර ගොපලු චිත්‍රපට ය. ඔබ ගොපලු චිත්‍රපට නරඹා ඇත්නම් ඒවායේ ද ඇත්තේ තමා ඉදිරියට පැමිණෙන සියලු සතුරන් ඉතා පහසුවෙන් වෙඩි තබා ඝාතනය කිරීම් ය. ගොපල්ලකුගේ කලිසම් සාක්කුවල අවම වශයෙන් පිස්තෝල දෙකක්වත් ඇත. ඇතැම් විට කකුල්වල බත්කෙන්ඩ ප්‍රදේශයේ කලිසමට යටින් සඟවා ගත් පිස්තෝල ද දැකිය හැකිය. පිස්තෝලය ඇඟිලි වටා කරකවමින් සිතන්නටවත් ඉඩක් නොතබා වේගයෙන් සතුරන් ඝාතනය කරන ආකාරය මෙවැනි චිත්‍රපට නැරඹූ අයට මතක තිබිය හැකිය. එය අතථ්‍ය සත්‍ය පරිගණක ක්‍රීඩාවන් තරමටම මනස ඔද්දල් නොකළ ද එම චිත්‍රපට නරඹන්නට ඇබ්බැහි වූ ප්‍රේක්ෂකයන් තුළ ද එවැනි පෙළඹවීමක් ඇති කරන්නට සෑහෙන බලපෑමක් සිදු කරයි.

ඔබගේ ජංගම දුරකතනය, පරිගණකය මගින් දරුවා භාවිත කරන්නේ කුමනාකාර ක්‍රීඩාවක්දැයි සොයා බැලීමේ වගකීම මේ වන විට දෙගුණ තෙගුණ වී ඇති බව සඳහන් කළ යුතුය. පරිගණක ක්‍රීඩාවන් නිර්මාණය කරන්නන්ට අවශ්‍ය වන්නේ තමාගේ නිෂ්පාදනයට හැකි තාක් පුද්ගලයින් ඇබ්බැහි කරවා ගැනීමය. ඔවුන් සිය අරමුණ ජයග්‍රහණය කරන විට ඒවාට ඇබ්බැහිවන පුද්ගලයන්, විශේෂයෙන් දරුවන්ගේ මනස විකෘති වෙයි.

අප නැවත කැනඩා සමුල ඝාතනය දෙස අවධානය යොමු කළ හොත් මේ සැකකාර තරුණයා ද මේ හා සමාන ක්‍රීඩාවන්ට යොමු වී සිටින්නට ඇති හැකියාව බොහෝය. මේ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සිතුවාටත් වඩා වැඩි කාලයක් ගත විය හැකි බව පොලිසිය පවසා සිටින අතර අපට ඒවා සම්බන්ධ තොරතුරු ඉදිරියේ දී දැනගන්නට ලැබෙනු ඇත. තමාට ඉතා සමීපව සිටි පවුලක සාමාජිකයන් පිරිසක් මේ අයුරින් ඝාතනය කරන්නට තරම් මානසිකත්වයක් ඇති කරන්නට මේ අතථ්‍ය සත්‍ය තාක්ෂණය පෙළඹවීමක් ඇති නො කළේ යැයි පැවසිය නොහැකිය. මන්ද මේ ක්‍රීඩාවන් පිළිබඳ මෙතෙක් සිදු කොට ඇති විවිධ අධ්‍යයනයන් තුළින් හෙළි වී ඇත්තේ එවැනි පෙළඹවීමක් කරන්නට එකී තාක්ෂණයට ඉතා ඉහළ හැකියාවක් පවතින බවය.

එසේ හෙයින් ඔබගේ ජංගම දුරකතනය, පරිගණකය මගින් දරුවා භාවිත කරන්නේ කුමනාකාර ක්‍රීඩාවක්දැයි සොයා බැලීමේ වගකීම මේ වන විට දෙගුණ තෙගුණ වී ඇති බව සඳහන් කළ යුතුය. පරිගණක ක්‍රීඩාවන් නිර්මාණය කරන්නන්ට අවශ්‍ය වන්නේ තමාගේ නිෂ්පාදනයට හැකි තාක් පුද්ගලයින් ඇබ්බැහි කරවා ගැනීමය. ඔවුන් සිය අරමුණ ජයග්‍රහණය කරන විට ඒවාට ඇබ්බැහිවන පුද්ගලයන්, විශේෂයෙන් දරුවන්ගේ මනස විකෘති වෙයි. එවිට බිහි වන අනාගත පරපුරේ වැඩි කොටසක් පසු වන්නේ යමක් දෙස විවේක බුද්ධියෙන් බලා තීරණ ගත හැකි ස්වභාවයක නොවේ. එවිට පැන නගින ගැටලු නිරාකරණය කිරීම ප්‍රජා මාර්ගෝපදේශවලට පටහැණි බැවින් YouTube වීඩියෝ ඉවත් කර ගැනීම තරම් පහසු කාර්යයක් වන්නේ නැත.

මේ සියලු තත්ත්වයන් යටතේ අදාළ තරුණයාගේ ගිණුම අත්හිටුවීමෙන් සමාජයට බිහිසුණු අපරාධකරුවකු දායාද කොට YouTube නාලිකාව අත සෝදා ගත්තාදැයි සමාජයෙන් නැගෙන්නට ඉඩ ඇති අපවාදය අපට ද බැහැර කළ නොහැකිය. මේ සිිදුවීම අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට තවත් කදිම නිදසුනක් ද වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර