කිරිබත්ගොඩ-කඩවත අතර ශබ්ද විකාශන කන් කරච්චලයක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ සිට කඩවත දිගටම විදුලි පහන් කනුවල බැඳ ඇති ශබ්ද වාහිනී යන්ත්‍ර මුල් කොට අඛණ්ඩව පවත්වාගෙන යන වෙළඳ ප්‍රචාරය නිසා බරපතල ශබ්ද දූෂණයක් සිදු වන බවටත් එම අධික ශබ්දය නිසා ජනතාවට මහත් පීඩාවක් සිදු වන බවටත් ප්‍රදේශවාසීහු කියා සිටිති.ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනුයේ එම ශබ්දය නිසා මහා මාර්ගය භාවිතා කරන පදිකයන්ට අනතුරු සිදුවීමේ හැකියාවක් ද පවතින බව ය.නමුදු ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ වලට පැමිණිලි කළ ද එම තත්වයේ කිසිදු වෙනසක් සිදු වී නැතැයි ද ඔව්හු කියති.

කාලීන පුවත්