කොරියන් ගුවන් යානා පැය විසි හතරෙන් මෙහේ ගොඩ බස්සවනවා

පැය 24ක කාලයක් තුළදී කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලට මෙරට ගොඩබැස්වීමට අවශ්‍ය අවසරය ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය ශ්‍රීලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් පසුගිය 20 වනදා දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බවට වන සිද්ධියක් වාර්තා වූ අතරමෙම සිදුවීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.ඒ අනුව කොරියානු රැකියා සඳහා යොමුවන්නන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා මගින් යාමට අකමැත්ත පළ කරන්නේ නම් ඔවුන්ට කොරියානු ගුවන් සේවයක් හරහා යාමට අවස්ථාව සලසන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුශ නානායක්කාර මහතාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කීය.

කාලීන පුවත්