ගිනි කෙළි නිෂ්පාදන අලෙවිය 75%කින් පහළට

මෙම උත්සව සමයේ රතිඤ්ඤා ඇතුලු ගිනිකෙළි නිෂ්පාදන අලෙවිය 75%කින් පමණ අඩු වී ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග සඳහන් කරයි.මේ දිනවල රට තුළ පවත්නා අයහපත් ආර්ථික තත්වය මත මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස විශාල මුදලක් වැය කළ යුතු වීම සහ රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් අධික ලෙස ඉහළ යෑම මීට හේතු වී ඇති බව ගිනි කෙළි කර්මාන්තයේ නියුක්ත වූවෝ පෙන්වා දෙති. ගත වූ කාලයේ රුපියල් 80කට පමණ අලෙවි වූ කුඩා රතිඤ්ඤා පෙට්ටියක් මේ වන විටරුපියල් 180ත් 200ත් අතර මිලකට මිල නියම කිරීමට සිදු වීම මත සමස්ත ගිනි කෙළි නිෂ්පාදන මිල 150%කින් පමණ ඉහළ ගොස් ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග සඳහන් කරයි.ඔවුන් ගෙන් ඇතැමකු පවසනුයේ දැනට පවත්නා ආර්ථික අර්බුදය මුල් කොට මීළඟ මැතිවරණයක් එන තුරු ගිනිකෙළි අලෙවියේ වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි බවකි.

කාලීන පුවත්