ගීතා නැවතත් රන්ජන්ට ජනපති සමාව අයැදියි

මිනී මරුවෙක් හෝ ස්ත්‍රී දූෂකයෙක් නොවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායකට දැන්වත් සමාව දෙන ලෙස තමන් ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි
තමන් මීට පෙර පාර්ලිමේන්තුවේදී පවා සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව දෙන මෙන් ඉල්ලා සිටි නමුත් එයට ප‍්‍රතිචාරයක් නොලැබීම ගැන කනගාටු වන බව ද කී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.‘‘රන්ජන් කියන්නේ මගේ සහෝදර කලා ශිල්පියෙක්. ඔහුත් එක්ක සිනමාවේ මම ප‍්‍රධාන චරිත රඟපාලා තියෙනවා. එහෙත්, අද ඔහු සිරගත වී සිටීම ගැන මගේ හිතට දුකක් දැනෙනවා. අනික රන්ජන් සමාව නොදෙන්න තරම් බරපතල වරදක් කරලා නැහැ. ඒ හින්දා දැන්වත් ඔහුට සමාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නිදහස් කළොත් රන්ජන් නැවත වරක් කලා ක්ෂේත‍්‍රයට එක්වෙලා වැඩක් කරාවි’මේ අතර රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව දෙන මෙන් විවිධ පාර්ශවයන් මේ වන විටත් ඉල්ලීම් කොට ඇති අතර ආණ්ඩු පක්ෂ මැති ඇමති වරු ද ඒ අතර වෙති.

කාලීන පුවත්