ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි

ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු ,ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නිමල් ලන්සා,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

එම කමිටුව සෑම සතියකම රැස්විය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

කාලීන පුවත්